සතුටුදායක ආරංචියක් - මහ බැංකුව තැන්පත්කරුවන් වෙනුවෙන් ගත් අලුත්ම තීරණය මෙන්න..

sri lanka Central bank of sri lanka today trending news new decision
By krishani Apr 12, 2022 08:38 AM GMT
Report

තැන්පත්කරුවන්ට වැඩි පොලියක් ගෙවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මූල්‍ය ආයතනවලට දැනුම්දී ඇතැයි වාර්තා වෙයි.

මහ බැංකුව විසින් අදාළ මූල්‍ය ආයතන වලට දැනුම්දී ඇත්තේ ඔවුන්ගේ මූල්‍ය මෙවලම් (Financial tools) සඳහා වන පොලී අනුපාතික ඉහළ නංවන ලෙසය.

මෙහි දී මුදල් මණ්ඩලය විසින් විශේෂයෙන් දන්වා ඇත්තේ තැන්පත්කරුවන් හට ප්‍රතිලාභ ලබාදීම සඳහා තැන්පතු පොලී අනුපාතික ඉහළ නංවන ලෙසය.

මේ අතර ඊයේ (11) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පසුගිය වසර 25ක් තුළ වාර්තා වූ ඉහළම පොලී අනුපාතිකයන් වාර්තාවී ඇති බව මූල්‍ය වෙළෙඳපොළ වාර්තා සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join