ස්ථාවර තැන්පතු විශේෂ පොලී අනුපාතිකයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ගත් තීරණය..
Central Bank of Sri Lanka
Sri Lanka
By krishani
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා දී තිබූ 15%ක විශේෂ පොලී අනුපාතික අත්හිටුවීමට පියවර ගෙන ඇත.
ඒ අනුව ඊයේ(01) සිට මෙම නියෝගය බලපැවැත්වෙන බව මහ බැංකුව ලිපියක් මගින් බැංකු සහ මූල්‍ය ආයතන වෙත දැනුම්දී ඇත.
සැප්තැම්බර් 22 වනදා කැබිනට් මණ්ඩලය විසින් ගත් තීරණයක් අනුව පසුගිය 29 වන දා මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා විසින් මෙම දැනුම්දීම සිදුකර ඇති අතර ඒ අනුව ඔක්තෝබර් 01 දා සිට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත විශේෂ පොලී අනුපාතිකයක් සහිතව ස්ථාවර තැන්පතු අලුතින් විවෘත කිරීම හෝ දැනට පවතින ස්ථාවර තැන්පතු අලුත් කිරීමක් සිදු නොකරන ලෙසට මහබැංකුව විසින් සියලු වාණිජ බැංකු සහ බලපත්‍රලාභි විශේෂිත බැංකු වෙත දන්වා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |