විදුලි බිලත් නව හැඩයකින් - ජනවාරි මස සිට ක්‍රියාත්මකයි..
                                    
                    Ceylon Electricity Board
                
                                                
                    Kanchana Wijesekera
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    2023 වසරේ ජනවාරි සිට සියලුම පාරිභෝගිකයන් වෙත කඩදාසි රහිත බිල්පත් සහ රිසිට්පත් හඳුන්වා දීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණයකට ආ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් මගින් සදහන් කළේ ය.
විදුලිබල මණ්ඩලය තුළ වියදම් අවම කර ගැනීම සඳහා මෙම පියවර ගනු ලැබී ය.
ලංවිම නව මූලස්ථානයේ දැනට පවතින ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට ලංවිම කළමනාකාරීත්වය සමග පැවති සාකච්ඡාවකදී උපදෙස් ලබාදුන් බවත් වීදි ලාම්පු සවි කිරීම සහ වීදි ලාම්පු ක්‍රියාත්මක කිරීම නියාමනය කිරීමට තීරණය කළ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  |