සී.ඩී. වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සඳුදා
Law and Order
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
වෙඩි වැදීමෙන් මියගිය හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ අවසන් කටයුතු ලබන 20 වැනිදා පොලිස් උත්තමාචාර සහිතව බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
ඒ අනුව, විශ්‍රාමික පොලිස්පතිවරයෙකුගේ අභාවයේදී පිරිනැමෙන නිල පොලිස් උත්තමාචාර හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත ද පිරිනැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
මේ වන විට ඔහුගේ දේහය කොළඹ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර, හෙට (19) සිට ජනතාවට සහ හිතවතුන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා අවස්ථාව සලසා දී ඇත.
සී.ඩී. වික්‍රමරත්න මහතා ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ අතර, ඔහු ඊයේ (17) උදෑසන සිය නිවසේදී වෙඩි වැදීමෙන් මියගොස් සිටියදී සොයාගෙන තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අංශ විසින් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.