මහ බැංකුවෙන් මූල්‍ය ආයතන 11කට රුපියල් කෝටියකට වැඩි දඩයක්
Central Bank of Sri Lanka
Bribery Commission Sri Lanka
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
2006 අංක 06 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වූ මූල්‍ය ආයතන 11කට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් රුපියල් මිලියන 14.6ක පරිපාලනමය දඩ මුදල් පනවා තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, පසුගිය වසරේ ඔක්තෝබර් සිට මෙම වසරේ මාර්තු දක්වා කාලසීමාව තුළ සිදුවූ නීති උල්ලංඝනය කිරීම් සැලකිල්ලට ගනිමින් මෙම දඩ මුදල් නියම කළ බවයි.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධ නියාමන ආයතනය ලෙස ක්‍රියා කරන ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ.
පරිපාලනමය දණ්ඩනය ලෙස අයකරගත් සියලුම දඩ මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කර ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේය.