පෙම්වතිය බෙදාගන්න පොලිසියට ආව පෙම්වතුන් දෙදෙනාට මුහුණ දීමට සිදු වූ අනපේක්ෂිත සිදුවීම..

Relationship Rakvana Obadakanda Gangoda V.T.G.Tharanga
By Sewvandhi Mar 12, 2022 10:35 AM GMT
Report

දාහත් හැවිරිදි තරුණියක සිය පෙම්වතිය කර ගැනීමේ අදිටනින් පසුගියදා පොලිසියට පැමිණි තරුණයන් දෙදෙනකුට තුන්කොන් ප්‍රේමයෙන් පැරදී හිස් අතින් ආපසු යෑමට සිදුවූ පුවතක් රක්වාන ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

රක්වාන ඕබඩකන්ද ප්‍රදේශයේ ජිවත් වන දාහත් වියැති තරුණියක කලකට පෙර ගංගොඩ ප්‍රදේශයේ පෙම්වතකු සමග මාසයක පමණ කාලයක් වාසය කර ඇත.  ඒ අතරතුරදී එම ප්‍රදේශයේම විසූ දහඅට හැවිරිදි තරුණයකු සමග ද ඇය පෙම් සබඳතාවක් පවත්වා තිබේ. 

මෙම තුන්කොන් පෙම් අ’ර්බුදය විසඳාගැනීම සඳහා වූ පළමු පැමිණිල්ල රක්වාන පොලිසියට ලැබී ඇත්තේ අලුත් පෙම්වතාගේ මවගෙනි.  ඉන් අනතුරුව පළමු පෙම්වතා විසින් ද එම කාරණය අරභයා පැ’මිණිල්ලක් සිදුකර තිබිණි.  මෙම අරුම පුදුම පෙම් අර්බුදය පිළිබඳ විභාගය සිදුකළේ රක්වාන පොලිසියේ විවිධ පැ’මිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වී.ටී.ජී. තරංග විසිනි.

අදාළ පැමිණිලි විභාගය සඳහා පෙම්වතුන් දෙදෙනාට අමතරව, තරුණියගේ මව සහ ඇයගේ අක්කා ද පැමිණ සිටියහ.  එහිදි පැරණි පෙම්වතා පවසා ඇත්තේ තමා පෙම්වතිය සමග සතුටින් දිවි ගෙවු බවත් නව පෙම්වතා විසින් තම පෙම්වතිය බලෙන් රැගෙන ගිය බවත්ය. 

පසුව නව පෙම්වතා සම්බන්ධ පැමිණිල්ලට අදාළව ඔහුගේ මව පවසා ඇත්තේ තම පුතාගේ පෙම්වතිය, වෙනත් අයකු විසින් තමාගේ පෙම්වතිය බව පවසා රැගෙන යාමට උත්සහ කරන බවයි.  මෙම උභතෝතෝටික ගැටලුව විසඳීමට පෙර පොලිස් පරීක්ෂකවරයා පෙම්වතුන් දෙදෙනා ඉදිරියේ සිටියදී තරුණියගෙන් ඇයගේ අදහස කුමක්දැයි විමසා ඇත. 

එහිදි ඇය පවසා ඇත්තේ තමාට වයස අවුරුදු දහඅට වීමට තවත් මාස තුනක් ඇති බැවින්, එතෙක් නිවසේ සිට පසුව එක් පෙම්වතකු විවාහ කරගන්නා බවයි. අනතුරුව මෙම තරුණිය විසින් කර ඇති අනුවණකම් පිළිබඳ ස්ථානාධිපතිවරයා විසින් සියලුම දෙනා දැනුවත් කර ඇත.  ඉන්පසු සිදුව ඇත්තේ කිසිවකු බලාපොරොත්තු නොවූ දෙයකි.  එහිදී තරුණිය පවසා ඇත්තේ තමන්ට කිසිදු පෙම්වතකු අවශ්‍ය නැති බවත් මව සහ අක්කා සමග නිවසට ගොස් සුපුරුදු ලෙස ජිවත් වන බවත්ය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now