අසල්වාසී නිවසේ කත මරා නිවසේ බාල්කේ එල්ලෙමින් ගමන් බිය වැද්දූ අනියම් පෙම..

Kurunagala casual love Welagedara Rupa Nimali
By Sewvandhi Jan 22, 2022 05:10 AM GMT
Report

කුරුණෑගල වෙලගෙදර ප්‍රදේශයේ අසල්වාසී කාන්තාවකගේ හා පුරුෂයෙකුගේ හදිසි මරණ නිසා ආන්දෝලනයක් හටගෙන තිබේ.

දියණියක හා මවක ජීවත්වූ නිවසේ දියණිය පාසල් ගිය අවස්ථාවක මෙම මව ඝාතනය වී තිබුණ අතර 15 හැවිරිදි දියණිය පාසල් ඇරී නිවසට එද්දී නිවසේ දොරේ ඉබි යතුරු දමා තිබෙනු දැක පසුව ඇය නිවසේ පිටුපස දොරකින් ඇතුළුව ඇති බවත් පැවසේ.

එම අවස්ථාවේ සිය මෑණියන් අවාසනාවන්ත ලෙස ලේ විලක් මැද වැටී මියගොස් සිටි බව දැක බියට පත්ව තිබේ. පොලිසියට දැනුම් දීමෙන් පසු සිදු කළ පරීක්ෂාවේදී කතගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කර ඇති බව හඳුනාගෙන තිබේ. 46 හැවිරිදි මියගිය කාන්තාව රත්නායක මුදියන්සේලාගේ රූපා නිමාලි නමැත්තියකි.

මේ අතර පොලිසියට ඒ දිනයේම ඊට අසල්වාසී නිවසකින් ඇමතුමක් ලැබුනේ තවත් පුද්ගලයෙකු ප්‍රදේශයේ පාළු නිවෙසක එල්ලෙමින් සිටින බවටය.

මෙහිදී පොලිසිය ගොස් පරීක්ෂා කිරීමේදී 41 හැවිරිදි ආසන්න නිවසක විසූ අයෙකු පාළු නිවසේ බාල්කයක කඹයක් ආධාරයෙන් එල්ලී දිවි නසාගෙන ඇති බව හඳුනාගන්නට ලැබී තිබේ.

වෙලගෙදර පොලිසිය ස්ථානීය පරීක්ෂාවක් සිදු කළ අතර අසල්වාසීන්ගෙන් ලබාගත් කටඋත්තර අනුව මෙලෙස මියගිය 41 හැවිරිදි පුද්ගලයා හා ඊට පෙර වාර්තාවූ 46 හැවිරිදි විවාහක කාන්තාව සමග කලක් තිස්සේ ඇසුරක් පැවති බවට කරුණු අනාවරණය කරගන්නට හැකිව ඇත.

කිසියම් ගැටලුකාරී තත්වයක් නිසා ඇයව ඝාතනය කර මොහුද සියදිවිනසාගෙන ඇතැයි අනුමාන කරන අතර පොලිසිය මේ ගැන වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now