යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව කල්යයි
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුව ඔක්තෝබර් 29 වන දින දක්වා කල්තබන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
අද (04) දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියහ. කෙසේ වෙතත්, නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා අද දින රාජකාරි නිවාඩුවේ සිටින බැවින්, නඩුව ඔක්තෝබර් 29 වන දින යළි කැඳවීමට අධිකරණය විසින් තීරණය කරන ලදී.
2009 මාර්තු 31 සිට 2013 දෙසැම්බර් 12 දක්වා කාලය තුළ නීතිවිරෝධී ලෙස උපයාගත් රුපියල් මිලියන 59කට වැඩි මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතුවල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත උල්ලංඝනය කළ බවට චෝදනා කරමින්, නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා තුනක් යටතේ මෙම නඩුව ගොනුකර තිබේ.
 
                 
                 
                                             
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    