හෘද රෝග ඒකකයට ඇතුළත් කළ සුරේෂ් සලේ ගැන බිරිඳගෙන් විශේෂ ප්‍රකාශයක්

Colombo Hospital Law and Order Sinhala news Suresh Salley
By R.rishma Jun 27, 2026 10:48 AM GMT
Report

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර තිබේ.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ සඳහන් කළේ, ඔහු මේ වන විට දැඩි අවදානම් (High Risk) තත්ත්වයක පසුවන බවත්, ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරු අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙමින් සිටින බවත්ය.

ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ, සුරේෂ් සලේ මහතාගේ සැබෑ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නිසි තක්සේරුවක් ලබාදිය හැක්කේ වෛද්‍යවරුන්ට පමණක් බවත්, ඒ අනුව කඩිනම් පියවර ගත යුතු බවත්ය.

එමෙන්ම, තමන් පරීක්ෂණ නතර කරන ලෙස ඉල්ලා නොසිටින බව සඳහන් කළ ඇය, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියාය.

තවද, සුරේෂ් සලේ මහතා සිය නීතිඥවරයා වෙත අත්අකුරින් ලියූ ලිපියක, තමන්ට කිසියම් අනතුරක් සිදුවුවහොත් ඊට වගකිව යුතු පාර්ශ්වයන් ලෙස ජනාධිපතිවරයා, රවී සෙනෙවිරත්න මහතා, ශානි අබේසේකර මහතා ඇතුළු කිහිප දෙනෙකුගේ නම් සඳහන් කර ඇති බව ද ඇය ප්‍රකාශ කළාය.