අත්හිට වූ විභාගයක් නැවත පැවැත්වීම සම්බන්ධයෙන් එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න..

Colombo Sri Lankan Schools Education School Incident
By krishani Mar 05, 2024 10:47 AM GMT
Report

විභාගයට පෙර ප්‍රශ්න පත්‍ර නිකුත් වීම හේතුවෙන් තාවකාලිකව අත්හිට වූ බස්නාහිර පළාතේ පාසල්වල 10 සහ 11 ශ්‍රේණිවල ගණිතය සහ විද්‍යාව විෂයන්වල අදාළ විභාග පැවැත්වීම සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

අත්හිට වූ විභාගයක් නැවත පැවැත්වීම සම්බන්ධයෙන් එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න.. | Canceled Western Province Term Examination

ඒ අනුව හෙට (06) දිනයේ දී ගණිතය ප්‍රශ්න පත්‍රයේ පළමු කොටස ලබාදෙන අතර, අනිද්දා දිනය වෙන්කර ඇත්තේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ පළමු කොටස සඳහා වේ.

එමෙන්ම, ලබන 11 වනදා ගණිතය ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසට අදාළ විභාගය පැවැත්වෙන අතර, 12 වන දා විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසට අදාළ විභාගය පැවැත් වේ.

බස්නාහිර පළාතේ පාසල්වල 10 සහ 11 ශ්‍රේණිවලට අදාළ විද්‍යා විෂය ප්‍රශ්න පත්‍රය පසුගිය පළමුවැනිදා පැවතියේ ය.

එම විභාගය පැවැත්වීමට පෙර එම ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය වෙත නිකුත් වි තිබිණ.

පාසල් සිසුන් වෙනුවෙන් දින 170ක් සඳහා ගත් තීරණය - කැබිනට් අනුමැතිය ද ලැබෙයි..

පාසල් සිසුන් වෙනුවෙන් දින 170ක් සඳහා ගත් තීරණය - කැබිනට් අනුමැතිය ද ලැබෙයි..


එමෙන්ම, එම පළාතේ පාසල්වලට පසුගිය අඟහරුවාදා පැවැත්වීමට නියමිතව තිබූ ගණිතය විෂයට අදාළ ප්‍රශ්න පත්‍රය සහ එහි පිළිතුරු පත්‍රය ද සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබුණේ ය.

කෙසේ වෙතත්, වාර විභාගවලට අදාළ ප්‍රශ්න පත්‍ර නිකුත් වීම සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.