හිස නිරාවරණය කරගෙන සිටින කාන්තාවන් හඳුනාගැනීමට කැමරා සවි කරයි - පළමුවෙන් කෙටි පණිවුඩයකින් අනතුරු ඇඟවීමක් ද..

Iran
By krishani Apr 09, 2023 05:12 AM GMT
krishani

krishani

in ලෝකය
Report

ඉරාන බලධාරීන් විසින් හිස නිරාවරණය කරගෙන සිටින කාන්තාවන් හඳුනාගැනීමට ප්‍රසිද්ධ ස්ථානවල කැමරා සවිකිරීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එම කාන්තාවන්ට පළමුව කෙටි පණිවුඩයක් මගින් අනතුරු ඇගවීමක් සිදුකරනු ලබයි.ඉන් අනතුරුව නීති මගින් කටයුතු කිරීමට නියමිත බව වාර්තා වන්නේ.

මේ වන විටත් ඉරාන කාන්තාවන් හිස් ආවරණ පැලදීමේ නීතිය ඉවත් කරන ලෙසට විරෝධය පාමින් උද්ඝෝෂණ පවත්වමින් සිටිය දී එරට රජය විසින් මෙම කැමරා සවි කිරිමට කටයුතු කර ඇත්තේ.

1979 වසරේ ඉස්ලාමීය විප්ලවයෙන් පසු ආගමික නීතියක් ලෙස කාන්තාවන් තම හිසකෙස් හිජාබයකින් ආවරණය කිරීම සහ ශරීර හැඩය සැගවෙන සේ දිගු ලිහිල් ඇදුම් ඇදීම අනිවාර්ය කෙරිණ.

මෙම නීතිය උල්ලංඝනය කරන කාන්තාවන්ට ඉරාන පොලිසිය විසින් දඩ ගැසීම හෝ අත්අඩංගුවට ගැනීම සිදු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join