කාල්ටන් විරෝධතාවට කඳුළු ගෑස් ප්‍රහාර..විරෝධතාකරුවන් හා පොලීසිය අතර දැඩි උණුසුම්කාරී තත්වයක් - නගරයේ ආරක්ෂාවට වහාම භටපිරිස් කැඳවයි..(VIDEO)

Sri Lanka protest Thangalla economic crisis Carlton
By Sewvandhi Apr 04, 2022 11:18 AM GMT
Report

තංගල්ල කාල්ටන් නිවස ඉදිරිපිට පැවති විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනව බව වාර්තාකරු සඳහන් කළා.

අද දහවල් විරෝධතාකරුවන් විශාල ප්‍රමාණයක් තංගල්ල නගර මධ්‍යයේ පිහිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට අයත් කාල්ටන් නිවස දෙසට පැමිණීමට උත්සාහ දැරුවා.

මේ අවස්ථාවේ දී කොළඹ කතරගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් මාර්ග බාධක යොදා ඔවුන්ගේ ගමන වළක්වාලීමට පොලිසිය උත්සාහ දැරුව ද උද්ඝෝෂකයින්ගෙන් එල්ල වුණු දැඩි පීඩනය හමුවේ එම උත්සාහය සාර්ථක වුණේ නෑ.

ඉන් අනතුරු ව පිරිස කාල්ටන් නිවස පිහිටි පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ දැරීමත් සමඟ එම ස්ථානයේ දැඩි උණුසුම් තත්ත්වයන් මතු ව තිබෙනවා.

මෙහි දී ප්‍රකෝපකාරී පිරිස් පාලනය කර පලවා හැරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

කෙසේ වෙතත් අප වාර්තාකරු පැවසුවේ, තවමත් විරෝධතාකරුවන් තංගල්ල නගරයේ තැන් තැන්වල රැඳී සිටිමින් විරෝධතා දක්වන බව යි. මේ වනවිට තංගල්ල නගරයේ ආරක්ෂාව තර කිරීම සඳහා අතිරේක භට පිරිස් කැඳවා ඇති බවත් වාර්තා වනවා.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now