අඩි 900ක් ඉහළ කේබල් කාරයේ සිරවූ ළමුන් 08 දෙනා කොමාන්ඩෝ මෙහෙයුමකින් බේරා ගැනේ.(PHOTOS)

Pakistan Accident World
By Aruna Aug 23, 2023 04:20 AM GMT
Report

ඊසානදිග පාකිස්තානයේ කේබල් කාරයක සිරවූ ළමයින් ඇතුළු පිරිස මුදාගැනීමට පාකිස්තාන යුද හමුදා කොමාන්ඩෝ සෙබළුන් සමත්ව තිබෙන බව වාර්තා වනවා.

ඒ හෙලිකොප්ටර් යානයක් යොදාගෙන පැය කිහිපයක් පුරා ක්‍රියාත්මක වූ මෙහෙයුමකින් අනතුරුවය.

පොළොවේ සිට අඩි 900ක් ඉහළින් මෙම කේබල් රථය නැවතී ඇති අතර එහි ළමයින් හයදෙනෙකු ඇතුළු පුද්ගලයින් 8දෙනෙකු සිරවී තිබුණේ ඊයේ (22) උදෑසනයි.

ඔවුන් කයිබර් පක්තුන්ක්වා හි බට්ටාග්‍රාම් දිස්ත්‍රික්කයේ පිහිටි දොරුවක් පසුකරයාම සඳහා මෙම කේබල් කාරය භාවිත කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

උස් කඳුකරයේ සිට පහත් බිමක පිහිටි පාසලක් වෙත යමින් සිටියදී ඔවුන් මෙම අනතුරට මුහුණදී ඇත.

ඉන් අනතුරුව මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ වුයේ පාකිස්තාන භාරකාර අගමැතිවරයාගේ නියෝගයක් මතයි.

දිවා කාලයේ මෙහෙයුම සඳහා හෙලිකොප්ටර් යානා යොදා ගැණුනු අතර, රාත්‍රී කාලයේ දී එම මෙහෙයුම් අත්හිටුවීමට සිදුව තිබූ බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

ඉන් පසුව කේබල් කාරය ඇදවැටීම වැළැක්වීමට කේබල් යොදා ආරක්ෂාව තර කළ අතර ඉතිරි පිරිස් මුදාගැනීම ඉන් අනතුරුව ආරම්භ වුණි.

සම්පූර්ණ මෙහෙයුම සඳහා ගතවූ කාලය පැය 12ක් බවයි පැවසෙන්නේ.


GalleryGalleryGalleryGallery