නව කැබිනට් මණ්ඩලය 18 දිවුරුම් දෙයි?

Sri Lanka election parliament cabinet
By Sewvandhi Apr 15, 2022 12:44 PM GMT
Report

නව කැබිනට් මණ්ඩලය ලබන 18 වෙනිදා සඳුදා දිවුරුම් දීමට නියමිතව ඇතැයි රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත.

රජයේ නියෝජිත කණ්ඩායම සාකච්ඡා සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබන 18 වැනිදා පිටත්ව යෑමට නියමිත අතර ඊට ප්‍රථම රටේ දේශපාලන ස්ථාවරත්වය පෙන්නුම් කිරීම වැදගත්වන හෙයින් නව කැබිනට් මණ්ඩලය මෙසේ පත් කෙරෙන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

නව රජයේ ඇමති තනතුරු බාර ගැනීමට බොහෝ පාර්ශවයන්ට ආරාධනා කර ඇතත් ඔවුන් ඒ සඳහා ඉදිරිපත් නොවී සිටින තත්ත්වය යටතේ හිටපු ඇමතිවරුන්ගෙන් සමන්විතව නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට කටයුතු කරන බවත් ඉහළ කාර්ය සාධනයක් පෙන්වා ඇති රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනකුටද මෙහිදී ඇමැති තනතුරු හිමිවීමට නියමිත බවත් දැනගන්නට ඇත.

කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ චමල් රාජපක්ෂ නාමල් රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් නව කැබිනට් මණ්ඩලයට ඇතුළත් නොකෙරෙන බවද වාර්තාවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now