'Clean Sri Lanka' වැඩසටහන යටතේ පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළ සංවර්ධනය කිරීමට අනුමැතිය
දශක ගණනාවක් තිස්සේ අලුත්වැඩියා හා යාවත්කාලීන කිරීම් සිදු නොකිරීම හේතුවෙන් පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළෙහි ප්‍රවේශ මාර්ග, බස් රථ අංගන, මගී නැවතුම්, රියදුරු - කොන්දොස්තර විවේකාගාර, පරිපාලන ගොඩනැගිලි, සනීපාරක්ෂක හා ජල අපවහන පද්ධති මේ වන විට ඉතා අබලන් තත්ත්වයකට පත්ව තිබෙනවා.
එම තත්ත්වය හේතුවෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ භාවිත කරනු ලබන මගී ජනතාවට මෙන්ම රියදුරු හා කොන්දොස්තරවරුන් සහ මෙහෙයුම් කාර්යය මණ්ඩලයට දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වෙනවා.
එබැවින්, පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කිරීම හා වර්තමානයට ගැලපෙන ලෙස සංවර්ධනය කිරීමේ කාලීන අවශ්‍යතාවයක්. ඒ අනුව පිටකොටුව මධ්‍යම බස්රථ නැවතුම්පොළ නවීකරණය හා සංවර්ධනය කිරීමට සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
අදාළ නවීකරණ කටයුතු හා සංවර්ධනයන් සඳහා ඇස්තමේන්තු කර තිබෙන මුදල රුපියල් මිලියන 425ක්. 'Clean Sri Lanka' වැඩසටහන සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන යොදා ගනිමින්,පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කිරීමට සූදානම්.
සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෘජු ශ්‍රම දායකත්වය සහ කොළඹ මහ නගර සභාව, ලංකා විදුලිබල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ අනෙකුත් ආයතන වල දායකත්වයෙන් හා සහයෝගිතාවයෙන් සංවර්ධන කටයුතු සිදු කිරීමට නියමිතයි.