කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය වූ හැටි එලියට - මරණ පරීක්ෂණයෙන් හෙළිවූ දේ මෙන්න..

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Feb 06, 2023 01:16 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පොලීසිය පවසන්නේ , බත්තරමුල්ල පැළවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ අභිරහස් ලෙස මියගොස් සිටි කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනයට ලක්ව ඇත්තේ මොට ආයුධයකින් හිසට සිදුකළ පහරදීමකින් පසුව බව වෛද්‍ය වාර්තා අනුව අනාවරණය වී ඇති බවය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු සහ මෙම ව්‍යාපාරිකයා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසු මෙම පහරදීම සිදුව ඇති බවය.

පහරදීමේදී මෙම ව්‍යාපාරිකයා පිහිනුම් තටාකයට වැටී ඇති බව විමර්ශන වලදී අනාවරණය වී ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. අද (06) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now