ඇඟලුම් කතුන් ප්‍රවාහනය කළ බස් රථ දෙකක් ගැටෙයි.. ටිපර් රථයකුත් බස්වල ගැටෙයි. (PHOTOS)
කැබිතිගොල්ලෑව කැලෑපුලියන්කුලම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් ඇඟළුම් කම්හල් සේවිකාවන් 8 දෙනෙකු ඇතුලු 9 දෙනෙකු තුවාල ලබා තිබෙනනවා.
ඊයේ (13) පස්වරුවේ මෙම අනතුර සිදුවී ඇත්තේ කැලෑපුලියන්කුලම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර අසලදීයි.
ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කළ සේවිකාවන් පිරිසක් සේවා මුරය අවසන්ව රැගෙන යමින් සිටි අවස්ථාවේ එම සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථ දෙකක් සහ ටිපර් රථයක් ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.
සේවිකාවන් ප්‍රවාහනය කළ එක් බස් රථයක් ඉදිරියෙන් සුනඛයෙකු මාර්ගය හරහා ගමන් කර ඇති අතර එහිදී එම බස් රථය හදිසියේ නතරකර ඇතැයි සඳහන්.
අනතුරුව පසුපසින් පැමිණි ටිපර් රථයක් එම බසයේ ගැටී ඇති අතර එම ටිපර් රථයේ පිටුපසින් සේවිකාවන් ප්‍රවාහනය කළ තවත් බස් රථයක් ගැටී තිබෙනවා.
මෙම අනතුරින් පසුපසින් පැමිණි බස් රථයේ ගමන් කළ සේවිකාවන් 8 දෙනෙකු සහ රියදුරා තුවාල ලබා ඇති අතර ඔවුන් වහාම තම ගිලන් රථ යොදවා රෝහල්ගත කිරීමටයි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පියවර ගෙන ඇත්තේ.
තුවාල ලැබූවන් වව්නියාව රෝහලට ඇතුලත් කර ඇති අතර කිහිපදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.
මෙම අනතුර සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.


