බස් ගාස්තු ඉහළට..? සංගමයෙන් විශේෂ ඉල්ලීමක්..!

Anjana priyangith Gamunu vijesinghe bus fair diesel price
By Sewvandhi Mar 11, 2022 12:09 PM GMT
Report

ඉන්ධන මිල ඉහළ යාමත් සමග බස් ගාස්තුව 60%කින් පමණ ඉහළ දැමීට සිදුවන බව සමස්ත ලංකා පෞද්ගලික බස්රථ සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසීය. 

 ඒඅනුව අවම බස් ගාස්තුව රුපියල් 30ත් 35ත් දක්වා ඉහළ දැමීමට සිදුවන බව ඒ මහතා පෙන්වා දෙයි. මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ බස් ගාස්තුව ඉහළ නොදැමීමට නම් පෞද්ගලික බස් රථ සඳහා රජයෙන් යම්කිසි සහනයක් ලබාදිය යුතු බව ඒ මහතා ප්‍රකාශ කළේය.

"සමහර නගරවල තියෙන්නේ IOC පිරවුම්හල් පමණයි. සමහර නගරවල සිපෙට්කෝ පිරවුම්හල් තිබුණත් තෙල් නොමැතිකම නිසා අපිට සිද්ධ වෙනවා IOC පිරවුම්හලෙන් ඩිසල් ලබාගැනීමට. ඊයේ දිනයෙදීත් අපි එක කළා අද දිනයෙදීත් ඒක කරන්න වෙනවා. එතකොට මෙරතරම් ප්‍රමාණයකින් රුපියල් 93කින් ලීටරයක මිල ඉහළයාම පාදක කරගෙන බස්ගාස්තු සංශෝදනය 60%කින් වගේ ඉහළ යන්න ඉඩකඩ තියෙනවා. රුපියල් 30ක අගයකින් බස් ගාස්තු වැඩි වෙනවා. අවම බස් ගාස්තුව රුපියල් 30ත් 35ත් අතර අගයකින් වැඩිකරන්න අපිට සිද්ධ වෙනවා. ඒ නිසා අපි රජයට කියනවා වහාම ක්‍රියාත්මක වෙන පරිදි අද හෝ හෙට පෞද්ගලික බස් කර්මාන්තකරුවන්ට ඩීසල් සහනාධාරය ලබා දීම සිදු කළ යුතුයි."

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ ලංගම හරහා ඩීසල් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කළහොත් මිල සංශෝධනයක් සිදු කිරීමට අනවශ්‍ය බවය. 

 "ලංගම හරහා අපිට ඩීසල් ලබාදෙන්න පුලුවන්. ඒ වගේම රජයේ යටතේ තිබෙන සමූපාකාර පිරවුම්හල් තිබෙනවා ඒ හරහා අපිට පැරණි මිලට ඉන්ධන ලබාදෙන්න වැඩපිලිවෙලක් හදලා දෙනවා නම් ඉදිරියේදී සංශෝධන අවශ්‍ය වෙන්නේ නෑ. නමුත් අනපේක්ෂිත විදියට ඩීසල් වැඩිකිරීමක් සිදු වුණොත් එහෙම අනිවාර්යයෙන්ම සංශෝධනයකට යන්න වෙනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now