බස් ගාස්තු අඩු වෙන හැටි මෙන්න

Lanka Business Online Private Bus Owners Association Srilanka Bus
By Sithumini Jul 01, 2024 04:22 PM GMT
Report

ඔබ දැනගත යුතුම අඩුකළ බස් ගාස්තු මිළ ගණන් මෙන්න.

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව නිර්ණායක 12ක් සැලකිල්ලට ගනිමින් සෑම වසරකම ජුලි මස පළමු වනදා බස් ගාස්තු සංශෝධනය සිදු කෙරෙනවා.

මෙවර ගාස්තු සංශෝධනයේ දී සියයට 5.07කින් බස් ගාස්තු අඩු කරන අතර රුපියල් 30ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 28ක් දක්වා රුපියල් දෙකකින් අඩුවනවා

ඒ අනුව, අධිවේගී මාර්ග ඇතුළු සියලුම බස් රථවලට අදාළ නව ගාස්තු ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මේ වනවිට ප්‍රකාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ. ඒ අනුව අදාළ බස් ගාස්තු සංශෝධනයේ ලැයිස්තුව පහතින් බලන්න 

GalleryGallery