බස් ගාස්තු අඩු කිරීමේ තීරණයක්?..බස් හිමියන්ටත් අනතරු ඇඟවීමක්.

Sri Lanka Dilum amunugama Bus fare
By Aruna Jan 27, 2022 02:50 AM GMT
Report

බස් හිමියන්ට අනතුරු ඇඟවීමක් හිටගෙන යන මගීන්ට වෙනම බස් ගාස්තුවකුයි, වාඩිවෙලා යන මගීන්ට එක බස් ගාස්තුවකුයි අයකරනවා කියල කිව්වෙ ඒක ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න නෙමෙයි.

අද ඒක අල්ලගෙන බොහෝ දෙනා විවිධ කතා කියනව. නමුත් මම ඒ කතාවෙන් කළේ බස් හිමියන්ට යම් අනතුරු ඇඟවීමක්.

මොකද කොවිඩ් වසංගතය නිසා ආසන ගණනට මගීන් ගෙන යා යුතු යන සෞඛ්‍ය උපදේශනය නිසා අපි මුලින්ම බස් ගාස්තුව වැඩි කළා.

ඒ අර්ධ සුඛෝපබෝගී බස් සේවාවල ක්‍රියාත්මක බස් ගාස්තුවලට සමාන ලෙස.

මොකද මගීන්ට සෞඛ්‍ය ආරක්ෂිතව ගමන් කරන්න ඕන නිසා.

ඒත් අද ඒ ගාස්තු වැඩිවීමක් අරගෙන, අපි දකිනව සෞඛ්‍ය නීති ගණන්ගන්නෙ නැතිව බොහෝ බස් රථවල මගීන් විශාල ප්‍රමාණයක් පටවගෙන ධාවනය කරනව.

ඒ විදිහට වැඩිගාස්තු අයකරගෙන මගීන් පටවගෙන යන බස්රථ ගැන ගන්නා ඉදිරි පියවරක් ගැන අනතුරු අඟවන්නයි ඒ වගේ කතාවක් කිව්වෙ.

මේ විදිහට දිගින් දිගටම සිදුවුණොත් බස් ගාස්තු අඩුකිරීමේ තීරණයකට යන්න වෙනව. ඒක අඟවන්න තමයි මම ඒ වගේ කතාවක් කිව්වෙ.

මේ වෙද්දි පොලිසියට දැනුම් දීල තියෙනව සෞඛ්‍ය නීති කඩන සියලු බස් රථවලට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න කියල.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now