බිහිසුණු බස් රේස් අනතුර..රියදුරු හා කොන්දොස්තර පළා යයි - දෙදෙනෙකුට බරපතලයි..(VIDEO)
Sri Lanka
Accident
By Sewvandhi
කළුවාමෝදර අද (12) උදෑසන බිහිසුනු රිය අනතුරක් සිදුව තිබේ. ඒ අලුත්ගම පොලිස් බල ප්‍රදේශයේ කළුවාමෝදර පාලම මතදීය.
මාතර දෙස සිට කොළඹ දෙසට පැමිණි ලංගම ඩිපෝවට අයත් බස් රථයට පිටුපසින් පැමිණි බෙලිඅත්ත - කොළඹ මගී ප්‍රවාහන බස් රථය අපරික්ෂාකාරී ලෙස පාලම මතදී ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි ත්‍රීවිල් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇතැයි අප වාර්තාකරු පැවසීය.
ත්‍රිවිල් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා කළුතර රෝහලට ඇතුළත් කර තිබේ. අනතුරෙන් පසු එක් බස් රථයක රියදුරු සහ කොන්දොස්තර බස් රථය මහ මඟ දමා පළා ගොස් ඇති බව අලුත්ගම පොලීසිය පවසයි.
අනතුර හේතුවෙන් ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය ප්‍රධාන මාර්ගය කළුවාමෝදර ප්‍රදේශයෙන් පැයක පමණ කාලයක් අවහිර වී තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලීසියේ රථවාහන අංශය පරීක්ෂණ කටයුතු පවත්වයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |