බස් රථයක් මතට විශාල ගසක අත්තක් කඩා වැටෙයි..කිසිවෙක් නොසිතූ බිහිසුණු අනතුර මෙන්න.(PHOTOS)

Police spokesman Accident Hatton Srilanka Bus
By Aruna May 23, 2024 01:28 PM GMT
Report

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වු ලංගම බස් රථයක් ඉදිරියට විශාල මාර ගසක අත්තක් කඩා වැටීමෙන් එම බස් රථයේ ගමන් ගත් මගීන්ගේ ජිවිත බේරි ඇති පුවතක් වාර්තා වනවා.

මෙම අනතුර සිදු වී ඇත්තේ අද (23) පස්වරු 2.00ට පමණ හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේදී බවයි, ගිනිගත්හේන පොලිසිය පැවසුවේ.

බස් රථයක් මතට විශාල ගසක අත්තක් කඩා වැටෙයි..කිසිවෙක් නොසිතූ බිහිසුණු අනතුර මෙන්න.(PHOTOS) | Bus Accident

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අයහපත් කාලගුණ සහ දැඩි සුලං තත්ත්වය හේතුවෙන් හැටන් සිට මහනුවර දක්වා ධාවනය වු ලංගම බස් රථය ඉදිරියට මාර ගසේ අතු කිහිපයක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරෙන් බස් රථයේ ඉදිරිපස කොටසට සුළු අලාභ හානි සිදු ව ඇති බව වාර්තා වනවා.

ප්‍රධාන මාර්ගයට ගස කඩා වැටීම හේතුවෙන් හැටන් කොළඹ ඒ 07 ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු පැයක පමණ කාලයක් ඇණ හිට තිබූ බවයි වාර්තා වූයේ.

බස් රථයක් මතට විශාල ගසක අත්තක් කඩා වැටෙයි..කිසිවෙක් නොසිතූ බිහිසුණු අනතුර මෙන්න.(PHOTOS) | Bus Accident

ගිනිගත්හේන පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසීන් එක්ව ප්‍රධාන මාර්ගයට කඩා වැටි තිබු ගස කපා ඉවත් කිරීමෙන් අනතුරුව එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය පස්වරු 3.00ට පමණ යළි යථා තත්ත්වයට පත් කරනු ලැබීය.

ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ, පවතින අධික වර්ෂාව සහ දැඩි සුළං හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේදී සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙසයි.

මේ අතර, මුන්දලම 61 හංදිය ප්‍රදේශයේදී විල්පොත සිට හලාවත දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් මතට මාර්ගයේ පසෙක තිබූ ගසක් කඩාවැටීමෙන් අද(23) සිදුවූ අනතුරකින් එහි ගමන්කල එක් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තවත් තරුණියක් බරපතළ තුවාල ලබා හලාවත රෝහලට ඇතුලත් කෙරුණු අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

සිදුවු අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබුනේ 23 හැවිරිදි මුන්දලම දේවාල හංදිය, විල්පොත ප්‍රදේශයේ පදිංචි තරුණියක් බවයි පැවසෙන්නේ.

බස් රථයක් මතට විශාල ගසක අත්තක් කඩා වැටෙයි..කිසිවෙක් නොසිතූ බිහිසුණු අනතුර මෙන්න.(PHOTOS) | Bus Accident

මේ අතර, මොණරාගල අම්පාර මාර්ගයේ වාලන්ද ඔබ්බේගොඩ ප්‍රදේශයේදී මොණරාගල දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් අද(23) උදෑසන 10.30 ට පමණ අනතුරක් සිදු වූණා.

මීට අදාල ඡායාරූප පහතින්,


GalleryGalleryGallery