බසයක් ගිනිගනී..තවත් බසයක් මරුවා සමග සටනක.. පාසල් සිසුන් 20ක් රෝහලට යවයි(PHOTOS) .
මගී ප්‍රවාහන බස් රථයක ගින්නක් දඹුල්ල අනුරාධපුර මාර්ගයේ බුලාගල ප්‍රදේශයේදී ලංගම බස් රථයක් හදිසියේ ගිනිගැනීමට ලක්ව තිබෙනවා.
වාර්තා වන තොරතුරු අනුව ඊයේ රාත්‍රියේ මගීන් ප්‍රවාහනය කරමින් තිබියදී මෙලෙස බස් රථය හදිසියේම ගිනි ගැනීමට ලක්ව ඇත.
පොලීසිය පැවසුවේ, එම අවස්ථාවේ බස් රථයේ මගීන් සිටියද ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට දඹුල්ල පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මේ අතර හම්බන්තොට කටුවන ජාතික පාසලේ සිසුන් රැගත් බස්රථයක් හදුගල හිගුරවත්ත පාලම අසලදී අනතුරකට පත්වී බරපතල තත්වයේ සිටි සිසු සිසුවියන් විසි දෙදෙනකු ලබා රෝහලගත කර ඇතැයි වලස්මුල්ල පොලිසිය පවසනවා.
කටුවන ජාතික පාසලේ සිසු සිසුවියන් රැගත් බස් රථය දෙයියන්දර නියදගලට වාරිකාවකට ගොස් පැමිනෙමින් සිටියදි මෙලෙස අනතුරට පත්ව තිබුණා.
අනතුරන් තුවාල ලබා බරපතල තත්වයේ සිටින සිසුන් දෙදෙනකු කරාපිටිය රෝහලටත් එක් අයකු මාතර මහ රෝහලටත් තවත් විසි තුන්දෙනකු වලස්මුල්ල මූලික රෝහලේ සහ කිරම ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය පවසයි.
දෙයියන්දර නියදගලට ගොස් ආපසු පැමිනෙමින් තිබු බස් රථයේ කාර්මික දෝෂයක් හේතුවෙන් අඩි සියයක් පමන පහලින් ඇති හෙලකට වැටිම නතර කර ගැනීමට මාර්ගයේ අනෙක් පසින් පිහිටි කණ්ඩියට දෙසට හරවා විශාල අනතුරක් සිදුවීම වලක්වා ගැනීමට බස් රථයේ රියදුරු සමත්ව ඇති බව මූලික විමර්ශණයෙන් අනාවරණය වන බවත් වැඩිදුර වමර්ශන සිදුකරන බව පොලිසය සදහන් කරයි.
ඡායාරූප ඇක්සිඩන්ට් ෆස්ට්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |





