බස් රථය ධාවනය වෙද්දි ඉදිරිපස රෝදය ගැලවී යයි..බිහිසුණු බස් අනතුරක් 99න් බේරුණු හැටි.
යාපනය සිට ත්‍රීකුණාමලය දක්වා ධාවනය වූ ලං ග ම බස් රථයක ධාවනය වෙමින් තිබියදී බස් රථයේ ඉදිරිපස රෝදය ගැලවී යාමෙන් සිදුවීමට ගිය බරපතල අනතුරක් රියදුරුගේ දක්ෂතාවය හේතුවෙන් වැලකී ගොස් තිබෙනවා.
යාපනය සිට වවුනියාව හරහා ත්‍රීකුණාමලය දක්වා 08 සවස ධාවනය වූ ලං.ග.ම. බස් රථයක් ඒ- 9 මාර්ගයේ පරන්තන් ප්‍රදේශයේදී හදීසියේම බස් රථයේ ඉදිරිපස රෝදය ගැලවී වෙන්වී ඇත.
අනතුරව බස් රථයේ වේගයත් සමග බස් රථය පෙරලීමට ගිය අවස්ථාවේදී රියදුරුගේ දක්ෂතාවය හේතුවෙන් එය පෙරලීමට නොදී වෙනත් වාහනයක ගැටීමටද නොදී ඉතා දක්ෂව බස් රථය නවතා මගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
බස් රථයේ රෝදය ගැලවී යාමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතරම තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එලස සිදුවන්නට ඇති බවට සැකපල කරයි.
එම අවස්ථාවේ, බස් රථයේ සිටි මගීන් වෙනත් බස් රථයකින් ප්‍රවාහනය කරවීමටද ලංගම නිලධාරීන් පියවර ගන්නා ලදි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |