මත්පැන් ගැන අයවැයෙන් කියූ දේ..

Ranil Wickremesinghe President of Sri lanka
By krishani Nov 16, 2022 01:13 AM GMT
Report

මධ්‍යසාර නිෂ්පාදනවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමට නව රසායනාගාරයක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා යෝජනා කළ අතර එම නව රසායනාගාරය සුරාබදු දෙපාර්තමේන්තුව යටතේ ස්ථාපිත කෙරෙයි.

ප්‍රමිතීත් සකස් කිරීමට ආයතනයක් නොතිබීම තුළ මිනිස් පරිභෝජනයට නුසුදුසු මධ්‍යසාර හඳුනාගැනීම දුෂ්කර බවත් නුසුදුසු මධ්‍යසාර සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ද දුෂ්කර වීම ඇතුළු කරුණු මුල්කරගනිමින් මෙම රසායනාගාරය පිහිටුවීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා පැවසීය.

මෙම නව රසායනාගාරය පිහිටුවීමට 2023 අයවැය හරහා රුපියල් මිලියන 100ක මුදලක් වෙන්කිරීමට තීරණය කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join