ප්‍රේමසිරි රත්නායක බෞද්ධ කටයුතු කොමසාරිස් ධුරයෙන් ඉවතට

Government Employee Sri Lanka Government Latest Headlines Sinhala news NPP Government
By Shehan Aug 03, 2025 06:16 AM GMT
Report

බෞද්ධ කටයුතු කොමසාරිස් ධුරය හොබවන ප්‍රේමසිරි රත්නායක මහතා එම ධුරයෙන් ඉවත් කර ඇති බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසයි.

ඔහු මෙම ඉවත් කිරීම සිදුකර ඇත්තේ කැබිනට් මණ්ඩල යෝජනාවකට අනුව බවද සඳහන් කළේය. 

රාජකාරි නිසි ලෙස ඉටු නොකිරීම හේතුවෙන් මෙම පියවර ගත් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ප්‍රේමසිරි රත්නායක මහතා 2024 ජනවාරි මාසයේදී බෞද්ධ කටයුතු කොමසාරිස් ධුරයට පත්වූ අතර, පසුගිය කාලය තුළ ඔහුට එරෙහිව එල්ල වූ චෝදනා සලකා බලමින් මෙම තීරණය ගත් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මේ වන විට වැඩබලන බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ලෙස කසුන් වැල්ලහේවා මහතා පත්කර ඇත.