රජ පවුලේ ඇති වූ ගැටලුව.

By krishani Mar 03, 2023 01:02 AM GMT
Report

බ්‍රිතාන්‍ය රජ පවුල විසින් ගෙන ඇති ආන්දෝලනාත්මක තීරණයක් ගැන වාර්තා වේ.

ඒ බ්‍රිතාන්‍ය රජ පවුල විසින් හැරී කුමරුට සහ මේගන් කුමරියට Windsor හි පිහිටි Frogmore Cottage වෙතින් ඉවත්වන ලෙසට දැනුම්දී ඇති බවයි.

තුන්වන චාල්ස් රජු විසින් මෙම තීරණය ගෙන ඇති අතර මෙම තීරණයත් සමඟ හැරී කුමරුට සහ මේගන් කුමරියට බ්‍රිතාන්‍යයේ කිසිදු වාසස්ථානයක් නොමැතිව යාම තවත් සුවිශේෂී කරුණකි.

Windsorහි පිහිටි කාමර 10කින් සමන්විත මෙම Frogmore නිවස බ්‍රිතාන්‍ය එලිසබෙත් මහරැජින විසින් හැරී කුමරුට සහ මේගන් කුමරියට විවාහය වෙනුවෙන් ලබා දුන් ත්‍යාගයකි.

ඔවුන් 2020 වසරේ අමෙරිකාව බලා පිටත්ව යාමෙන් අනතුරුව බ්‍රිතාන්‍යයට පැමිණි අවස්ථාවන්හිදී ඔවුන්ගේ නවාතැන වූයේ Windsor හි පිහිටි Frogmore නිවස වන අතර රජ පවුල ප්‍රසිද්ධියේ විවේචනය කිරීම සහ රජ පවුලට විරුද්ධ මත සඳහන් වෙන ග්‍රන්ථයක් එළිදැක්වීම ඇතුළු කරුණු ඔවුන්ට මෙම නිවහන අහිමි වීමට හේතුවී ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join