පාලමක් කඩා වැටී 17 දෙනෙක් ජිවිතක්ෂයට පත් වෙයි - විඩියෝ සහිතයි.. (VIDEO)

India Accident Death
By krishani Aug 23, 2023 10:04 AM GMT
Report

ඉන්දියාවේ - මිසොරාම් ප්‍රදේශයේ ස්ථානයක ඉදි කෙරෙමින් පැවැති පාලමක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එම සිදු වූ අනතුරින් පුද්ගලයින් 17ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පිරිසක් සුන්බුන් අතර සිර වී ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ දී එම ස්ථානයේ කම්කරුවන් 35ත් 40ත් අතර පිරිසක් සිට තිබෙනවා.

කෙසේ වෙතත්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සඳහන් කළේ මියගිය පිරිසට ඉන්දීය රුපියල් ලක්ෂ 2 බැගින් සහ තුවාල ලැබූවන්ට ඉන්දීය රුපියල් 50,000 බැගින් ලබාදෙන බවයි.


විඩියෝ දර්ශන -The Indian Express YouTube Channel