පදික පාලමක් කඩා වැටී 27ක් තුවාල ලබයි - තුවාල ලැබුවන් අතර වැඩි දෙනෙක් පාසල් සිසුන්..
ෆින්ලන්තයේ හෙල්සින්කි අගනුවරට මදක් ඔබ්බෙන් එස්පූ නගරයේ පිහිටි තාවකාලික පදික පාලමක් කඩා වැටීමෙන් 27 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එම තුවාල ලැබූවන් අතර වැඩි දෙනෙක් පාසල් සිසුන් බව ගලවා ගැනීමේ සේවා සඳහන් කරයි.
මෙම ළමුන් සිය ගුරුවරුන් සමඟ ක්ෂේත්‍ර චාරිකාවකට ගොස් ආපසු එන අතරවාරයේ තාවකාලික පදික පාලම කඩාවැටි ඇති බව වාර්තා වේ.
එම අනතුරින් පාසල් ළමුන් 26 දෙනෙකු සහ වැඩිහිටියෙකු තුවාල ලබා ඇති අතර බලධාරීන් සඳහන් කළේ, ඔවුන්ගෙන් 24 දෙනෙකුට රෝහල් ප්‍රතිකාර අවශ්‍ය බවයි.
මේ අතර, ප්‍රදේශයේ ඉදිකිරීම් සිදුවෙමින් පවතින අතරතුර තාවකාලිකව මෙම පාලම ඉදිකර ඇත්තේ.
කෙසේවෙතත්, ෆින්ලන්ත හදිසි අනතුරු අංශයේ නිලධාරීන් මේ වනවිට තුවාල ලැබූ සියලුදෙනා රෝහල් වෙත රැගෙන යන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |