යුක්තියේ මෙහෙයුමෙන් නම ඉවත් කිරීමට රුපියල් 150,000..
Police spokesman
Sri Lanka Police
Bribery Commission Sri Lanka
By Sewvandhi
රුපියල් 150,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පොලිස් සැරයන්වරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.
උස්වැටකෙයියාව ප්‍රදේශයේ, පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිකරු යුක්තියේ මෙහෙයුමේ දී අයිස් විකුණන බවට නම ඇතුළත් බවට හා එම නම ලේඛනයෙන් ඉවත්කර දීමට මෙන්ම පැමිණිලිකරුගේ නිවස නිරන්තරයෙන් පොලීසිය පැමිණ පරීක්ෂා කිරීම නොකර සිටීමටත් සහ පැමිණිකරුට මින් ඉදිරියට කරදරයකින් තොරව ජීවත්වීමට ඉඩසලසා දීම වෙනුවෙනුත් එම මුදල ඉල්ලා තිබේ.
මහබාගේ පොලීසියේ රථ වාහන අංශයට පොලිස් සැරයන්වරයෙක් එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.