අල්ලස් ගත් රාජ්‍යය නිලධාරියා කොටු වෙයි
Kalutara
Sri Lanka
Bribery Commission Sri Lanka
By Sewvandhi
අද (15) ශ්‍රී ලංගම කළුතර ප්‍රාදේශීය කාර්යාලයේ ධාවන කළමනාකරුව අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ඔහු, අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
එනම් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පානදුර ඩිපෝවේ රියදුරෙකු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් වැටලීම සිදුකර ඇත.
පැමිණිලිකරුව පානදුර ඩිපෝවෙන් පිටත මාර්ගයේ රියදුරු රාජකාරි යෙදවීම සඳහා රුපියල් 15,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගන්නා අවස්ථාවේදී පානදුර ශ්‍රී ලංගම ඩිපෝව පරිශ්‍රයේදී අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
සැකකරුව හෙට (16) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.