පූජ්ය ඥානසාර හිමියන්ව අද උසාවි ගෙන එන්නේ නැති බව දන්වයි
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව අද (23) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
එහෙත් බුද්ධශාසන අමාත්යාංශය මගින් කෝට්ටේ ශ්රී කල්යාණි සාමග්රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක හිමියන් වෙත දැනුම් දී තිබෙන්නේ අද දින උන් වහන්සේව අධිකරණය වෙත ඉදිරිපත් නොකරන බවය.
ඉස්ලාම් දහමට අපහාස වන අන්දමේ ප්රකාශයක් කරමින් ජාතික හා ආගමික සමගියට බාධා කිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්රාත් අධිකරණය මගින් මාස 9ක සිරදඬුවමක් නියම කර තිබූ අතර, උන් වහන්සේ ඊට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණය පසුගිය 06 වැනිදා ප්රතික්ෂේප කරනු ලැබීය.
එහිදී මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ මෙම නඩුව ඔක්තෝබර් 23 (අද) දින යළි කැඳවන ලෙසටය.
කෙසේ හෝ සිරදඬුවම් විඳින හිමිවරුන් අධිකරණයට රැගෙන යාමේදී සිවුර පිටින්ම රැගෙන යාමට හැකි වන පරිදි බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය කිරීමෙන් පසුව හෙට දිනයේ ඥානසාර හිමියන්වත් සිවුරක් අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි.