ට්‍රම්ප්ගේ බදු අභියෝගයක් නොවන බව බ්‍රසීලය කියයි
                                    
                    Donald Trump
                
                                                
                    Brazil
                
                                                
                    Latest Headlines
                
                                                
                    Sinhala news
                
                                                
                    Trump tariff
                
                        
        
            
                
                By Shehan
            
            
                
                
            
        
    එක්සත් ජනපදය විසින් පනවන ලද ඉහළ තීරුබදු අභියෝගයක් ලෙස දකින බවත්, එහෙත් එය විශ්වාසදායී හවුල්කරුවන් සමඟ වෙළෙඳ ගනුදෙනු ශක්තිමත් කිරීමට අවස්ථාවක් බවත් ඉන්දියාවේ බ්‍රසීල තානාපතිවරයා ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බ්‍රසීලය මෙම තීරුබදු පැනවීම පීඩාකාරී තත්ත්වයක් ලෙස දුටුවත්, එය අවස්ථාවක් ලෙස භාවිත කරමින් වඩාත් විශ්වාසදායී හවුල්කරුවන් සමඟ ව්‍යාපාරික සබඳතා ගොඩනැඟීමට කටයුතු කරන බව තානාපතිවරයා පෙන්වා දෙයි.
බ්‍රසීලය මෙන්ම ඉන්දියාව ද එක්සත් ජනපදයේ 50%ක තීරුබදුවලට මුහුණදී සිටින බව සඳහන් කළ ඔහු, මේ සම්බන්ධයෙන් දෙරටේ නායකයින් අතර පැවති ඉකුත් සාකච්ඡා ඵලදායී වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් පැවසීය.
 
                 
                 
                                             
        
     
     
     
     
    