පිපිරීමකින් අවසනාවන්ත ලෙස දරුවෙකු මරුට

By Sithumi Dec 12, 2021 01:56 PM GMT
Report

පිපිරීමකින් බරපතළ තුවාල ලැබූ 15 හැවිරිදි දරුවෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. පිපිරීම සිදුවී ඇත්තේ අද (12) සවස් කාලයේදීය. අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මූතූර් පොලිස් වසමේ තෝපූර් අල්ලෙනගර් ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකි.

නිවසේ ඇති කරන එළුවන් සඳහා ආහාර සොයා අසල පිහිටි පාලු ඉඩමකට ගොස් ගස්වල අතු කපමින් සිටියදී බෝම්බයක් වැනි පිපිරීමක් හේතුවෙන් එම දරුවා මියගොස් ඇති බව පොලීසිය පවසයි. 

 දරුවාගේ මෘතශරීරය මේ වනවිට තෝපූර් රෝහලේ තබා ඇති අතර මූතූර් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now