දැවැන්ත සත්වයෙකු මුහුදට ගොඩ ගසයි..
දකුණු ඉන්දීයාවේ,රාමේශ්වරන් ප්‍රදේශයේ වලෙයිකුඩා මුහුදු වෙරළට කිලෝග්රැම් 1500 ක් පමණ බරැති මියගිය මුහුදු ඌරෙකුගේ මළ සිරුරක් ගොඩ ගසා ඇති බව එරට වෙරලාරක්ෂක නිලධාරීන් පවසනවා.
අඩි අටක් පමණ දිගින් යුතු මියගිය මෙම මුහුදු ඌරෙකුගේ මළ සිරුර පිළිබඳව ප්‍රදේශයේ ධීවරයින් දැක පසුව ඒ පිළිබඳ වෙරලාරක්ෂක නිලධාරීණ්ට සහ වනජීවි නිලධාරීන්ට දැනුම් දී තිබෙන්නේ.
ඉතා දුර්ලබ ගනයේ සත්ව කොට්ඨාශයක් ලෙසින් සැලකෙන මෙම මුහුදු ඌරා මිය යාමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර නැවක ගැටීමක් හේතුවෙන් මියගොස් වෙරලට ගොඩගසන්නට ඇති බවට වනජීවි නිලධාරීන් සැක පළ කරනවා
මිය ගිය මුහුදු ඌරාගේ අවසන් කටයුතු එම වෙරල තීරයේම සිදුකිරීමට පියවර ගත් බවටත මීට පෙර දිනකදීද මිය ගිය මුහුදු අශ්වයෙකුගේ මළසිරුරුක්ද වලෙයිකුඩා මුහුදු තීරයට ගොඩගසා තිබූ බවට ප්‍රදේශභාර වනජීවි නිලධාරීන් වැඩිදුරටත් පැවසුවා