මොරොක්කෝවේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරැළී කුඩා බිළිඳුන් තිදෙනකු ඇතුළු 43 දෙනෙකු මිය ගිය බිහිසුණු සිදුවීම

Accsident Morocco
By Sithumi Jan 18, 2022 03:04 PM GMT
Report

අනවසර සංක‍්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් මොරොක්කෝවට ඔබ්බෙන් මුහුදේ ගිලී යෑමෙන් 43 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය මෙම අනතුරෙන් මියගිය 43 දෙනා අතර කුඩා  බිලිඳන් තිදෙනකු ද සිටින බවද එම වාර්තා සඳහන් කළේ ය.

බෝට්ටුව ගිලී යෑමෙන් පසු දිවි ගලවා ගනිමින් මුහුදේ අතරමං වී පාවෙමින් සිටි 10 දෙනකු බේරා ගැනීමට මොරොක්කෝ වෙරළාරක්ෂක නිලධාරීහු සමත් වී ඇත. සංක‍්‍රමණිකයන් රුගත් මෙම  බෝට්ටුව ස්පාඤ්ඤ කැනේරි දූපත අසල මුහුදේ ගිලී ගිය බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ ය.

මෙම සංක‍්‍රමණිකයන් බොහෝ දෙනා උතුරු අප්‍රිකා රටවල සිට යුරෝපා රටවලට යෑමට උත්සාහ ගත් අය බවද  ස්පාඤ්ඤ වෙරළාරක්ෂක නිලධාරින් උපුටා දක්වමින් එම වාර්තා සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now