බෝට්ටුවක් පෙරලීමෙන් සිදුවූ මහා අනතුර

Accsident Beruwala Bote
By Sithumi Jan 07, 2022 03:59 PM GMT
Report

බේරුවල ධීවර වරායෙන් මසුන් මැරීම සදහා මුහුදු ගොස් සිටී බහුදින ධීවර යාත්‍රාවක් මාලදිවයින් මුහුදු සීමාවේදී අනතුරට ලක්ව ඇතැයි වාර්තා වෙයි. 

 යාත්‍රාව නොපිට පෙරලී ගොස් ඒ මත නැගී ආධාර ඉල්ලා කෑගසමින් සිටී ධීවරයන් , ඒ අසලින් ගමන් ගත් ඉන්ධන ප්‍රවාහනය නෞකාවකින් බේරාගෙන ඇති අතර එක් ධිවරයකු අතුරුදහන්ව ඇතැයි ද බේරුවල වෙරළ ආරක්ෂක බළකා කාර්යාලය සඳහන් කරයි.

පයාගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට බහුදින ධීවර යාත්‍රාවක් වන අතර , එහි බේරුවල , වලතර සහ අඹේපිටිය ප්‍රදේශවල ධීවරයන් ගමන්කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි වෙරළ ආරක්ෂක බළකාය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now