දේවස්ථානයක තිබී හමු වූ බෝම්බ සිද්ධියේ අලුත්ම හෙළිදරව්ව මෙන්න.

Police Sri Lanka Bomb case Borella church
By Aruna Jan 12, 2022 04:27 AM GMT
Report

බොරැල්ල - වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් තුන් දෙනාගෙන් එක් අයෙකු එහි ප්‍රධාන සැකකරු බවට හඳුනාගෙන තිබෙනවා.

ඔහු මරදාන - දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පැවසෙන්නේ.

මේ වන විටත් පොලීසිය ඔහුගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ (11) පස්වරුවේ බොරැල්ල සියළු ශාන්තූවරුන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබියදී මෙම අත්බෝම්බය සොයා ගත් අතර එම අවස්ථාවේදී ඒ අවට රැදී සිටි පුද්ගලයින් තුන් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now