මේ අය ලිංගිකව එක් වුණොත්, සිර දඩුවම්..

Tourism Indonesia
By Sithumi Dec 13, 2022 06:17 PM GMT
Sithumi

Sithumi

in එතෙර
Report

ඉන්දුනීසියාවේ සංචාරක කර්මාන්තයට, විවාහයෙන් පිටත ලිංගිකත්වය තහනම් කිරීම දැඩි බලපෑම් එල්ල කරනු ඇති බව  විචාරකයින් පවසනවා.

ඒ අනුව ඉන්දුනීසියාවට පැමිණෙන සංචාරකයන්ට විවාහයෙන් පරිබාහිර ලිංගික ක්‍රියා අපරාධයක් බවට පත් කෙරෙන නව නීතිය යටතේ චෝදනා එල්ල නො වන බව යි බලධාරින් පවසන්නේ.

"බාලි බොන්කිං තහනම" ලෙස නම් කර ඇති මෙම නව නීති මගින් ලිංගික ව එක්වන අවිවාහක ජෝඩු සඳහා වසරක සිරදඬුවමක් හිමි වන බව සඳහන්. නමුත් බාලි හි ආණ්ඩුකාරවරයා පවසන්නේ, බලධාරින් විසින් සංචාරකයන්ගේ විවාහක තත්ත්වය පරීක්ෂා නො කරන බව යි.   

නව නීති මඟින් රට තුළ මානව හිමිකම් ඛාදනය විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන නමුත්, මෙම නීති සම්පාදනය ඉන්දුනීසියානු වටිනාකම් තහවුරු කරන බව ඉන්දුනීසියානු නිලධාරීන් පවසනවා. '

'බාලි යනු සුපුරුදු පරිදි බාලි වන අතර, එය සංචාරය කිරීමට සුවපහසු සහ ආරක්ෂිත තැනක්'' යනුවෙන් බාලි ආණ්ඩුකාර වයාන් කොස්ටර් පවසනවා. දැඩි සංචාරක ආකර්ෂණයක් සහිත ඉන්දුනීසියාවට 2019 දී මිලියන 16කට වැඩි පිරිසක් පැමිණ ඇති බව ද වාර්තා වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now