මහනුවර අධිකරණ සකීර්ණයේ බෝම්බ බියක් නිසා ඇතිවූ කලබලය..

By Sithumini Jul 02, 2024 06:24 AM GMT
Report


මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට ලද තොරතුරකට අනුව එහි විශේෂ ආරක්ෂක මෙහෙයුමක් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

එහිදී විශේෂයෙන්ම මේ වන විට එම අධිකරණ සංකීර්ණයේ නඩු විභාග කිරීම නවතා දමා ජනතාව අධිකරණ සංකීර්ණයෙන් ඉවත් කොට තිබෙනවා.

මේ වනවිට බෝම්බ නිෂ්ක්‍රිය අංශය, හමුදාව සහ පොලීසිය එහි සෝදිසි මෙහෙයුමක නිරතව සිටින බව වාර්තා වනවා. එමෙන්ම මහනුවර අධිකරණයේ නඩු කටයුතු ජුලි 16 වනදා දක්වා කල්දමා තිබෙනවා.