වෛද්‍යවරුන් දෙදෙනෙකු සිටි නිවසකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙයි..

Jaffna Sri Lanka Bomb Blast
By krishani Jun 21, 2023 06:41 AM GMT
Report

ඊයේ (20) අලුයම, යාපනයේ - ගාන්ධර්මඩම් ප්‍රදේශයේ වෛද්‍යවරුන් දෙදෙනෙකු ජීවත් වූ නිවසකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇත.

එයින් කිසිදු අයෙකුට ජීවිත හානි සිදු වී නොමැති බව වාර්තා වෙනවා.

ප්‍රහාරයෙන් නිවසට හා හාණ්ඩ වලට සුළු හානි සිදුව ඇති අතර එම බෝම්බ පෙට්‍රල් හා වෙනත් ද්‍රව්‍ය උපයෝගී කරගෙන යාපනයේම නිෂ්පාදනය කරණ ලද බෝම්බ බව පොලිසිය පවසයි.

පොලිසිය සැක කරන්නේ, එම එක් වෛද්‍යවරයෙකු හා යාපනයේ පදිංචිකරුවන් පිරිසක් අතර කාලයක් තිස්සේ පවතින ඉඩම් ආරවුලක් මෙයට හේතු වන්නෙට ඇති බවයි.

කෙසේවෙතත්, යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.