සිරියාවේ පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් - 22ක් මරුට
Syria
Death
Bomb Blast
Sinhala news
By R.rishma
සිරියාවේ ඩැමැස්කස් හි පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඉන් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
සිරියාවේ සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ බෝම්බ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 63 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
ඉරිදා සවස දේව මෙහෙයක් අතරතුර පල්ලියේ දී පුද්ගලයෙකු විසින් මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබෙනවා.
ප්‍රහාරකයා IS සටන්කාමීන් සමඟ සම්බන්ධතා ඇති අයෙකු බවට අනාවරණය වී ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පල්ලිය ඇතුළත ඡායාරූප සහ වීඩියෝවල දැඩි ලෙස හානි වූ පූජාසනයක්, කැඩී ගිය වීදුරු සහ ලේ විසිරී ඇති බිත්ති දක්නට ලැබුණු බවයි.