පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේ නව බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට ගැසට් නිවේදනයක්
Negombo
Latest Headlines
Sinhala news
Puwath.lk
Bogambara Prison
By R.rishma
පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය තුළ නව බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් නිකුත් කර තිබේ.
මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 54 වන අධිකාරිය වූ බන්ධනාගාර ආඥා පනතේ 2 වන වගන්තිය යටතේ අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව බව සඳහන් වේ.
මේ අතර, පසුගිය ජූලි 7 වැනිදා ගාල්ල මහමෝදර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ අත්සනින් නිකුත් කර තිබුණි.
ඒ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේ, වසා දමා ඇති මහමෝදර රෝහලේ කොටසක් තාවකාලික පදනමක් මත නව බන්ධනාගාරය සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බවයි.