රටම කම්පා කරමින් කුමාරි ඇල්ලට බිලි වූ 16 හැවිරිදි සිසුවියගේ සිරුර හමුවෙයි..

Accident Student Hanwella Kumari Ella
By Aruna Dec 31, 2021 01:56 AM GMT
Report

හංවැල්ල - තුම්මෝදර - කුමාරි ඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදන් වූ 16 හැවිරිදි දැරියගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.

වයස අවුරුදු 14 හා 29 වයස්වල පසු වෙන අනෙක් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් පැවැත්වෙන බවයි පොලිසිය වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

හංවැල්ල - තුංමෝදර - කුමාරි ඇල්ලේ දිය නෑමට ගොස් මොවුන් අතුරුදන් වුණේ, ඊයේ (30) දිනයේ යි.

මේ අතර මෙම පිරිස වත්තල ප්‍රදේශයේ නිවෙසකට පැමිණ පසුව කුමාරි ඇල්ලේ දිය නෑමට ගොස් ඇතැයි පොලිසිය පවසයි.

කුමාරි ඇල්ලේ ඉහළ ප්‍රදේශයට හිටි හැටියේ ධාරානිපාත වර්ෂාවක් ඇද හැලී ඇති අතර එකවර ජලපහර වැඩිවීමත් සමග දියනාමින් සිටි පිරිසෙන් තිදෙනෙකු ජල පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන් වී තිබේ.

එම පිරිස සමග තවත් සිව් දෙනකු දිය නෑමට පැමිණ ඇතැයි ද අතුරුදහන් වූවන් අතර මේ වන විට මළසිරුරු සොයා නොගත් දෙදෙනා වයස අවුරුදු 14 සහ 29 යන වයසේ පසුවන බව ද පොලිසිය සඳහන් කරයි.

නිතර ම දියේ ගිලී මරණ සිදු වෙන ස්ථානයක් ලෙස කුමාරි ඇල්ල වාර්තා වන අතර, එබැවින් නො දන්න ස්ථානවල දිය නෑමට යෑමේ දී ප්‍රවේශම් වීම වැදගත්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now