හමාස් ප්‍රාණ ඇපයේ සිටි තවත් ඊශ්‍රායල වැසියන්ගේ සිරුරු හමුවෙයි.

Israel Israel-Hamas War
By Gagana Apr 07, 2024 12:39 PM GMT
Gagana

Gagana

in ලෝකය
Report

ඊශ්‍රායල වැසියන් දහස් ගණන එරට අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු ප්‍රමුඛ රජයට එරෙහිව ටෙල් අවීව් නුවර කේන්ද්‍ර කරගෙන දැවැන්ත විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

මෙලෙස විරෝධතා පැවැත්වීමට හේතු වූයේ හමාස් සංවිධානය ප්‍රාණ ඇපයට ප්‍රාණ ඇපයට ගාසා තීරයට රැගෙන ගිය පිරිස් මාස 06ක් ගත වුව ද තවමත් නිදහස් කර ගැනීමට කටයුතු නොකළ බැවිනි .

තත්ත්වය තවත් උණුසුම් වන්නේ , ඊශ්‍රායල ජාතික ඉලාඩ් කත්සීර්ගේ සිරුර ගාසාහි මෙහෙයුම් අතරතුරදී හමුවූ බවට ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කිරීමත් සමඟය.

හමාස් භාරයේ සිටින 130ක් පමණ වන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගෙන් 34 දෙනෙකු මියගොස් ඇතැයි සැක කෙරෙන අතර ඊශ්‍රායල හමුදා 12 දෙනෙකුගේ සිරුරු සොයා ගෙන ඇති බවට විදෙස් මාද්‍ය වාර්තා කරයි.