බිලියනපතියෙක් සැන් ෆ්රැන්සිස්කෝ නගරය මැද ඝාතනය වෙයි.

By Wayomi Apr 06, 2023 09:39 AM GMT
Report

ඩොලර් බිලියන ගණනක ආදායම් ඇති තාක්ෂණික සමාගමක් වන Cash App හි නිර්මාතෘ 43 හැවිරිදි Bob Lee සැන් ෆ්රැන්සිස්කෝ නගරය මැද මියගොස් තිබෙනවා.

Bob Lee පිහි ඇනුමෙන් තුවාල ලබා සිටියදි පොලිසිය විසින් සොයාගත් අතර ඔහු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවයි වාර්තා වන්නේ.

මෑතකදී සිට සිදුවන ප්‍රචණ්ඩකාරී අපරාධ රැල්ල නිසා සැන් ෆ්‍රැන්සිස්කෝ ආරක්ෂක නිලධාරීන් විවේචනයට ලක්වෙමින් සිටින අතර නවතම අපරාධ දත්ත පෙන්නුම් කරන්නේ සැන් ෆ්රැන්සිස්කෝ නගරය එක්සත් ජනපදයේ වඩාත්ම භයානක අපරාධ සිදුවන නගරය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW