පිපිරිමකින් 15ක් ජිවිතක්ෂයට.. (විදෙස්)
බංග්ලාදේශයේ ඩකා අගනුවර ජනාකීර්ණ වෙළඳපල ප්‍රදේශයක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇත.
අදාල එම ප්‍රදේශයේ ප්‍රාදේශීය ගිනි නිවීමේ සේවා නිලධාරියෙක් වන දිනමෝනි ෂර්මා උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය පවසන්නේ, මහල් හතකින් යුත් ගොඩනැගිල්ලක් තුළ මෙම පිපිරීම සිදුව ඇති බව ය.
එහි මහල් දෙකකට දැඩි හානි සිදුව ඇති බවත් අදාල ගොඩනැගිල්ල තුළ සනීපාරක්ෂක උපකරණ සහ ගෘහ භාණ්ඩ අලෙවි කරන වෙළඳසැල් කිහිපයක් තිබී ඇති බවත් පිපිරීමෙන් ගොඩනැගිල්ලේ ප්‍රතිවිරුද්ධ පැත්තේ නවතා තිබූ බස් රථයකට ද හානි සිදුව ඇති බව එම නිලධාරියා පවසා ඇත.
පිපිරීමට හේතුව අපැහැදිලි බවත්, මුදාගැනීමේ මෙහෙයුම් සිදුවෙමින් පවතින බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් එම මාධ්‍ය වාර්තා සදහන් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |