“කළු සතියක්“ ප්‍රකාශයට පත් කෙරේ - වැඩි විස්තර..
SL Protest
GMOA Sri Lanka
By Sewvandhi
මාස 2 කට පෙර
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මගින් 23 වනදා සිට “කළු සතියක්“ ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබේ.
එනම්, රටේ රෝහල් පද්ධතිය තුළ හටගෙන ඇති ඖෂධ හිඟය සහ රජයේ අත්තනෝමතික බදු සංශෝධනයට එරෙහිව විරෝධය පළ කරමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ එම සංගමයේ විධායක සභාව අද පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ ඊට අදාළ අනුමැතිය හිමිවු බවය.
ඊට සමගාමීව එළඹෙන සිකුරාදා දිනයේ කොළඹ දී විරෝධතා ව්‍යාපාරයක් ද සංවිධානය කර ඇති බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් සදහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |