රජයට එරෙහිව ව්‍යාපාරිකයෙක් සංඝරත්නයේ ආශිර්වාද මැද උපවාසයක් අරඹයි…

By Sithumi Apr 24, 2022 01:33 PM GMT
Report

රබුක්කන දී ඇතිවූ සිදුවීමෙන් මියගිය පුද්ගලයා වෙනුවෙන් හා රටේ පවතින ජීවන බරට ආණ්ඩුව වගකිව යුතුයැයි පවසමින් දොඩන්ගොඩ නගර මධ්‍යයේ සිට සත්‍යග්‍රහයක් ඇරඹීමට දොඩන්ගොඩ ව්‍යාපාරිකකු කටයුතු කලේය

. මේ සඳහා මහා සංඝරත්නයේ ආශිර්වාදයද හිමි වූ අතර සත්‍යග්‍රහය ආරම්භ කිරීමට පෙර පිරිත් නූල් බැඳ අසිර්වාද කර පිරිත් සජ්ඣායනය කිරීම වැඩම කළ මහා සංඝරත්නයද සිදු කළහ. දොඩන්ගොඩ ප්‍රදේශවාසීන්ගේ සහයද සත්‍යග්‍රහය වෙනුවෙන් හිමිවූ හ.