මෙරට කුරුලු විශේෂ 81 ක් ගැන භයානක හෙළිදරව්වක්

Sri Lanka
By Sewvandhi Jan 21, 2023 09:27 AM GMT
Report

මෙරට කුරුළු‍ විශේෂ අතරින් විශේෂ 81ක් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බව ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය පවසනවා. 

 හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී එහි අධ්‍යක්ෂ පද්මා අබේකෝන් කියා සිටියේ 2022 වසරේ රතු දත්ත පොතට අදාළව සිදුකළ සමීක්ෂණයක දී මේ බව අනාවරණ වූ බවයි.

ඒ අනුව දැඩි ලෙස තර්ජනයට ලක්වූ පක්ෂීන් විශේෂ 19ක් හා තර්ජනයට ලක්වූ විශේෂ 48ක් හදුනාගෙන තිබෙනවා.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පක්ෂීන්ට වාසභූමි අහිමිවීම නිසා, මෙම කුරුළු විශේෂ වදවීමේ තර්ජනයට ලක්වන බවයි ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ පද්මා අබේකෝන් වැඩිදුරටත් කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now